ගිටාරයට අත තියමු. - Sinhala Guitar Lessons with Tabs and Chords

ගිටාරයට අත තියමු.

ඕනෑම දෙයක් ඉගෙන ගන්න කලින් ඒ හා සම්බන්ධ මූලික දේවල් (basics) දැනගෙන ඉන්න එපැයි. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නෙ ඔන්න ඔය basics ටික කට්ටියට කියල දෙන්න. මේව ගැන දන්න අයත් ඉන්නවා ඇති. ඒ වුනාට ආධුනිකයෙක්ට මේ කරුණු ගොඩක් වැදගත් වේවි. ඒක නිසා හැමෝටම ‍තේරෙන විදියට සරලව කියල දෙන්නම්.

මෙහිදී ගිටාර් ‍වාදනය හා සම්බන්ධ වැදගත් මූලික කරුණු කිහිපයක් (basics) වෙත අප මුලින්ම අවධානය යොමු කරමු. මෙම කරුණු නිවැරදි ශිල්පීය දක්ෂතාවක් දැක්වීමට මහත් පිටිවහලක් වන අතර මුල සිටම නිවැරදි භාවිතයට හුරුවීම ගොඩාක් වැදගත් වෙනවා. ආධුනිකයෙකුට මෙන්ම ප්‍රවීණයෙකුට වුනත් තම වැරදි භාවිත ඉවතලීමට මේ කරුණු පිලිබඳ පැහැදිලි අවබෝධය ඉතාමත්ම වැදගත් වේවි.

මුලින්ම කියන්න ඕනේ ගිටාර් වාදනය සඳහා hard & fast rules නෑ.ඒ කියන්නේ මේක මේ විදියට කල යුතුමයි කියලා නීතියක් නෑ.ගිටාරය කියන්නේ පුදුම විදියට විවිධත්වයක් තියෙන වාදන භාණ්ඩයක්.විවිධ සංගීත ශෛලීන් අනුව විවිධ ගිටාර් වර්ග තියෙනව වගේම එහි වාදනය කරන ශිල්පීය ක්‍රමයත් වෙනස් වෙනවා.
ක්ලැසිකල් ගිටාර් වාදන ශෛලියේ ප්‍රධානම මූලධර්මය තමයි අවම ආයාසයකින් අවම චලනයකින් උපරිම ප්‍රයෝජනයක් ගැනීම.මේක ක්ලැසිකල් ගිටාර් විතරක් නෙවෙයි රොක්,මෙටල් වැනි සංගීත ශෛලීන් වලදී යෙදෙන ඉතා වේගවත් වාදන වලදී යොදාගන්න මූලධර්මයක්.අඩුම චලනයක් යෙදුවාම අපගේ ශක්තිය සහ කාලය උපරිම ප්‍රයෝජනයට ගැනෙනවා.වේගවත් වාදනයකදි අත්‍යාවශ්‍යය දෙයක් තමයි ඒක. සමහර අය පික් එක මෙහෙම අල්ලන්න එපා මෙහෙම අල්ලන්න කියාවි ,අත මෙහෙම තියා ගන්න එපා අර විදියට තියාගන්න කියාවි.ගිටාරය වාදනය කරන්න නිවැරදි එක් ක්‍රමයක් නෑ.වඩා වැදගත් වෙන්නේ අනවශ්‍යය ආතතියක් නැතුව සැහල්ලුවෙන් වාදනය කිරීමයි. ඒ නිසා දෙයක් ඉගෙන ගනිද්දී ඇයි ඒ දේ එහෙම කරන්නේ කියල විමසල ඉගෙන ගන්න.මතක තියාගන්න නිවැරදි ඉරියව්වක සහ නිවැරදි ඇඟිලි හැසිරවීමකදී තිබිය යුත්තේ අඩුම ආතතියක් සහ අඩුම චලනයක්.

හොදයි. දැන් පහතින් දැක‍්වෙන රූපය මැනවින් නිරීක්ෂණය කරන්න.


මේක තමයි සාමාන්‍යය ගිටාරයක් රදවා ගන්නා අකාරය. ගිටාර් එකේ බද කොටස (body) දකුණු කකුල උඩ තබා තම පපුව හා දකුණතින් අවම අයාසයකින් රදවා ගන්න.

මෙහිදී පිහිටීමේදී දකුණු අතට නිදහස් චලනයක් හිමි විය යුතු අතර එය ගිටාරයේ නිවැරදි ශිල්පීය දායකත්වයක් සදහා කෙරෙන වැදගත් කරුණක් .තවද මෙය අයාසයකින් තොරව ඔබට ගි‍ටාරය වාදනයට කිරීමටද මහත් පහසුවක් වෙනවා. ඒ ව‍ගේම තමයි ගිටාර් එකේ neck එක කියන කොටස හැම තිස්සෙම තිරසට ආනත කරල තියාගෙන වාදනය කිරීම. මේ නිසා වාදකයාගේ වම් අතට දැනෙන ආතතිය බොහෝ දුරට අඩු වෙනවා. Chords ‍වාදනයේදී හෝ, වාදන ඛණ්ඩ ‍වාදනයේදී හෝ වම් අතට අනවශ්‍යය ආතතියක් ලබා නොදිය යුතුයි. එමනිසා හැමවිටම neck එක තිරසට ආනත කර තබා ගතයුතු වෙනවා.පහත රූප සටහනින් එය ඔබට වඩාත් හොඳින් පෙන්වා දිය හැකියි.



හොදයි.මීලගට අපි මූලික අභ්‍යාස ටිකක් පුහුණු වෙමු.මේ අභ්‍යාස වලට කලින් හැමෝම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.අපි මුලින්ම ඒ ටික ඉගෙන ගමු.

1).අභ්‍යාස පුහුණු වීමේ පහසුව සදහා වම් අතේ ඇගිලි අංක කර ගැනීම.
  
මේක ගොඩක් සරල දෙයක් කියල හැමෝටම තේරෙනවනෙ.ඒක නිසා පහත රූපසටහනට අනුව වම් අතේ ඇගිලි වලට අදාල අංක මතක තියාගන්න.




2). ගිටාර් එකේ ඇගිලි පුවරැව (fret board) එක සහ තත් (strings) හදුනාගැනීම.
සාමාන්‍යයෙන් fret board එකක් අංක කරන්නේ මෙහෙමයි.Guitar chords ඉගෙන ගන්න කොට මේක ගොඩක් වැදගත් වෙනවා.





 

ඊළගට අපි ගිටාර් එකේ strings හය හදුනගමු.ඊට කලින් මේ රූපය බලල ඉන්න.

සාමාන්‍යයෙන් අපි ගිටාරය ගැන හදාරන්නේ බටහිර සංගීත ස්වර මගිනි. මූලික බටහිර සංගීත ස්වර නාම හත සදහා ඉංග්‍රිසි හෝඩියේ මුල් අක්ෂරයන් 7 උපයෝගී කරගන්නවා.ස්වර අංකනය ගැන හොද අවබෝධයක් මුල සිටම තබාගන්න.

මේ තියෙන්නේ ගිටාර් එකේ open strings වල notation එක."Open notes" කියල කියන්නේ fret board එක මත ඇගිලි කිසිවක් තියන්නේ නැතිව, තියෙන විදියටම play කරන කොට කම්පනය වෙන ස්වරයයි.ඉහත ආකාරයට ස්වර පිහිටන්නෙ ගිටාර් එක හරියට tune කරල තියෙනවනම් විතරයි.ගිටාරය tune කරන එක ගැනත් කියන්න ඕනෙ.ආධුනිකයෙක්ට නම් වඩාත් සුදුසු පලපුරුදු කෙනෙක්ට කියල මුලින්ම ගිටාර් එක tune කරගන්න එක.ගිටාර් එකක් practice කරද්දි අනිවාර්යයෙන් standard tuning තියෙන්න ඕනෙ.ඒක නිසා මුලදි පලපුරුදු කෙනෙක්ට කියල tune කරගන්න.

3).Play කරන්න කලින් ගිටාර් එකේ standard tuning තිබේදැයි බැලීම.

මේක මම කලින් කිව්ව වගේ ආරම්භයෙදි පලපුරුදු කෙනෙක් මාර්ගයෙන් කරගන්න.

4).වම් අතින් guitar neck එක අල්ලන අයුරු.

වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින් guitar neck එක අල්ලන්න ඕනෙ.

මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි.
සාමාන්‍යයෙන් මේ විදියට ගිටාර් එක අල්ලන්නේ electric ගිටාර් වල bends වාදනය කරනකොටයි.


5). ගිටාර් pick එක අල්ලන ආකාරය.







 

මා හිතනවා දැනට ඔය ටික ප්‍රමාණවත් කියලා. ඒක නිසා සරල අභ්‍යාසයක් පුරුදු වෙමු. පහතින් දැක්වෙන අකාරයට පුරුදු වෙන්න. මුලදි ටිකක් අමාරු වෙයි. ඒත් කැපවීමෙන් කරන්න. "Every begining is some what hard" කියන‍වනෙ.:-D

Images වල තියෙනව වගේ ඇගිල්ල තියන්න ඕනෙ fret එක ආසන්නයේම වම් පැත්තේ.ලොකු බලයක් යොදල strings තද කරන්න එපා.ඒ වගේම තමයි ඇගිල්ල තිබ්බට පස්සේ pick එකෙන් අදාල string එක play කරල බලන්න පැහැදිලි,තියුණු sound එකක් ඇහෙනවද කියලා.string එක තද කරන බලය අඩු වැඩි කරල මේක හොයා ගන්න පුලුවන්.හරියටම ඇඟිලි තියන විදිය පස්සේ වෙලාවක වීඩියෝ එකකින් හරි රූපයකින් හරි පැහැදිලි කරල කියල දෙන්නම්.දැනට අවධාරණය කරගන්න ඇඟිලි වල තුඩු(finger tips) තමයි තියන්න ඕනේ.
1 රූපය




2 රූපය




3 රූපය




4 රූපය

කහ පාටින් පෙන්නල තියෙන්නෙ මම උඩදි කිව්ව වගේ වම් අතෙ ඇගිලි වලට අදාල අංක ටික.1 රූපයට අනුව පැහැදිලි කරනවනම්,, මුලින්ම 6වෙනි string එකේ උඩම fret එක "1" ඇගිල්ලෙන් තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට පස්සේ 6වෙනි string එකේම 2වෙනි fret එක "2" ඇගිල්ලෙන් තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට පස්සේ ඊට පස්සේ 3වෙනි fret එක,,4වෙනි fret එක.මේ විදියට එක වටයක් ඉවර වුනාම නැවත මුල ඉදල පටන් ගන්න.
මේ විදියට strings හයටම play කරල practice කරන්න.මුලදි අඩු වේගයකින් play කරන්න.පස්සේ speed එක වැඩි කරල play කරන්න.

අද පාඩම මම ඉදිරිපත් කලේ බොහොම සරලව.ගිටාරය අල්ලන ක්‍රමයේ පටන් ගැඹුරට විස්තර කරන්න පුලුවන්.අපි මුලින් දල වශයෙන් ඉගෙන ගමු.පස්සේ සූක්ෂම දේවල් ඉගෙන ගමු.සාමාන්‍යයෙන් දෙයක් ඉගෙන ගන්න කොට අපේ මොළය එක පාරට සංකීර්ණ දේවල් වටහා ගන්නේ නෑ.කීප වතාවක් එකම දෙය ඉගෙන ගන්න කොට ටික ටික සංකීර්ණත්වය වැඩි කලාම ඉක්මනට ඒ දේ මොලේට යනවා.

ඉහත අභ්‍යාසය වුනත් metronome එකකට (තාලය තියන පොඩි උපකරණයක්) පුහුණු වෙන්න පුලුවන්නම් හොඳයි.පලවෙනි දවසනේ.ඕනේවට වඩා මොලේට වධ දෙන්න එපා.වෙන දවසක බලමු අභ්‍යාස සඳහා metronome එකක් ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියලා.

එහෙනම්, අදට මම මෙතනින් නවත්තනවා.ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.