Sinhala Guitar Lessons Archives - Sinhala Guitar Lessons with Tabs and Chords

Sinhala Guitar Lessons

Buddhanu Bawena Guitar Chords

Buddhanu Bawena Guitar Chords
Artist - Nanda Malini
Key - A major
Beat - 3/4

Buddhanu Bhawena Guitar Chords

Lesson 3 – Strumming the D Major

Exercise 3

Strumming the D Major Chord Position each finger with care, according to the chord diagram.

D Major

 

Make sure that each fingertip is placed directly behind the fret. Firstly, pluck across the strings one by one with your pick, checking that each string rings clearly and is not muted or buzzing. Watch the first video example to hear how the chord should sound. Practise strumming the D major Chord in single downward strokes as indicated below:

D Major Excercise

Note: The top two, or fifth and sixth strings are not played in the D major chord. Make sure that you start your stroke from the fourth string each time you strum D major. It doesn’t sound bad if you accidentally hit the fifth string, although as with A major above, if you want your music to sound professional, you need to play this chord properly.

Diya Goda Sama Thana on Guitar

I  arranged this song for guitar.Hope you like it :)
Your comments are highly appreciated.
Thanks for watching!

YouTube Preview Image

As Deka Piyana Guitar Lesson

This guitar lesson is for both intro and interlude.You can find the guitar tab under each slow video.

Artist – Rookantha Gunathilake
Song – As Deka Piyana (Pembarayanani teledrama theme song)
Key- Fm
Beat – 4/4
Lyrics – Sydney Chandrasekara
Music – Rohana Weerasinghe

As Deka Piyana Guitar Chords

<!--

You need to install or upgrade Flash Player to view this content, install or upgrade by clicking here.

<!--

//

 
Lesson Guide
Video 1 = Intro full speed
Video 2= Inter full speed
Video 3 - 6 = Slow videos

Watch Full Movie Online Streaming Online and Download

ගිටාර් ටැබ් යනු මොනවාද?

ගිටාර් ටැබ් (Guitar Tab) යනු කුමක්ද?

ගිටාර් ටැබ් යනු ගිටාරයෙන් වයනු ලබන සංගීතය ලියන එක්තරා ක්‍රමයක් වේ.සම්මත ගී ප්‍රස්තාර ලියනු ලබන සංකේත වෙනුවට මෙහිදී ASCII අකුරු සහ ඉලක්කම් භාවිතා වේ.

ටැබ්(Tab) එකක අන්තර්ගත වන දෑ

ටැබ් එකක ඔබ වාදනය කල යුතු ස්වර,ඔබ වාදනය කල යුත්තේ කුමන string එකේ කුමන ෆ්‍රෙට් එකේද යන්න සඳහන් වේ.

ටැබ් එකක hammer-ons, pull-offs, bends, slides, harmonics and vibrato යන ශිල්පීය ක්‍රම වාදනයේදී භාවිත කල යුතු තැන් සඳහන් වේ.

ටැබ් එකක ඔබ වාදනය කල යුත්තේ කුමන tuning එකේද යන්න සඳහන් වේ.විශේෂයෙන් සඳහන් වී නැති නම් සම්මත tuning ක්‍රමය භාවිතා කල යුතුය.capo එකක් භාවිත කල යුතු ආකාරයද ටැබ් එකක සඳහන් වේ.

ටැබ් එකක ඔබ වාදනය කල යුතු ස්වර වල රිද්මය සඳහන් විය හැක.නමුත් සෑම ටැබ් එකකම එම තොරතුරු අන්තර්ගත වීම අත්‍යාවශ්‍ය නොවේ.

ටැබ්(Tab) එකක අන්තර්ගත නොවන දෑ

ටැබ් එකක සාමාන්‍යයෙන් ඔබ වාදනය කරනු ලබන ස්වර වල රිද්මය සඳහන් නොවේ.එමනිසා ඔබ වාදනය කල යුතු ස්වර වල රිද්මය සොයාගැනීම සඳහා බොහෝ විට ටැබ් එක සමඟ ඔබ ගීතය ශ්‍රවණය කල යුතු වේ.
ටැබ් එකක ඔබ ෆ්‍රෙට් කල යුතු ඇඟිලි සඳහන් නොවේ.

ටැබ් කියවීම ඉතා පහසු දෙයක් ඒ වගේම ඔබ හදාරණ ලද ගීතයක ටැබ් එකක් ලිවීමත් ඉත පහසු දෙයක්.මුලින්ම ඔබ ඉරි හයකින් පටන් ගන්නා අතර එම ඉරි හය ගිටාරයේ තත් හයත් සමඟ අනුරූප වනවා.උඩම ඉර ගිටාරයේ ඉහලම තාරතාවය ඇති E 1st string එක වනවා.පහත දැක්වෙන්නේ ගිටාරයේ අදාල තත්(strings) සඳහන් වන හිස් ටැබ් එකක්.

E------------------------------------------------
B------------------------------------------------
G------------------------------------------------
D------------------------------------------------
A------------------------------------------------
E------------------------------------------------

ඔබ වම් අතින් ඇල්ලිය යුතු ෆ්‍රෙට් එක මෙවැනි ටැබ් එකක ඉරි මත ඉලක්කම් වලින් දැක්වෙනවා.ඔබ වාදනය කල යුතු පිලිවෙල හඳුනා ගැනීම සඳහා ටැබ් එක වමේ සිට දකුනනට කියවිය යුතුයි.ඔබ වාදනය කලයුත්තේ විවෘත තත (open String) නම් 0 සඳහන් වනවා.පහත උදාහරණයේ දැක්වෙන්නේ පහලම තතේ විවෘත ස්වරයෙන් පටන් ගෙන පිලිවෙලට ඉහලට ෆ්‍රෙට් අල්ලමින් (E,F,F#,G,G#,A)යන ස්වර වාදනය කල යුතු බවයි.

E-------------------------------------------------
B-------------------------------------------------
G-------------------------------------------------
D-------------------------------------------------
A-------------------------------------------------
E---0--1--2--3--4--5------------------------------

අපි ඊලඟට එකවිට ස්වර දෙකක් හෝ ඊට වඩා වැඩි ගනණක් වාදනය කලයුතු අන්දම ටැබ් එකක පෙන්වන්නේ කෙසේද කියා බලමු.මේ දැක්වෙන්නේ E minor chord එක වාදනය කල යුතු බව පෙන්වන අකාරයයි .

E----0------------------------------------------
B----0------------------------------------------
G----0------------------------------------------
D----2------------------------------------------
A----2------------------------------------------
E----0------------------------------------------

E--------0------------------------------------
B-------0-------------------------------------
G------0--------------------------------------
D-----2---------------------------------------
A----2----------------------------------------
E---0-----------------------------------------

සමහරවිට මේ ආකරයෙනුත් ලියා ඇති ටැබ් ඔබ දැක ඇති.මෙයින් අදහස් වන්නේ ඉහල සිට පහලට පිලිවෙලින් සුළු කාල පරතරයක් ඇතිව වාදනය කල යුතු බවයි.
පහත දැක්වෙන්නේ එම හැඩයමයි.නමුත් මෙහිදී ස්වර අතර පරතරය වැඩියි.එවිට ඔබ එම Chord එක arpeggio ආකාරයට වාදනය කල යුතු වනවා.

E------------------0------------------------------
B---------------0-----0---------------------------
G------------0------------0-----------------------
D---------2------------------2--------------------
A------2-------------------------2----------------
E---0--------------------------------0------------

දැන් ඔබට නැගෙන ප්‍රශ්ණය තමයි ,සෑම ස්වරයක්ම එකම කාල පරතරයකින් වාදනය කල යුතුද යන්න.
මෙය තමයි ටැබ් සහ සම්මත ස්වර ප්‍රස්ථාර වල ඇති වෙනස.සාමන්‍යයෙන් ටැබ් එකක එවැනි තොරතුරු අඩංගු නොවේ.ස්වර වල කාල පරතරය සොයාගැනීමට ඔබ අදාල ගීතය ශ්‍රවණය කර තිබිය යුතුයි.කෙසේ වෙතත් ටැබ් එකක ඉලක්කම් ලියා ඇති පරතරය අනුව ස්වර වල කාල පරතරය පිලිබඳව දළ අදහසක් ගත හැකියි.නමුත් එය ටැබ් එක ලියන පුද්ගලයා අනුව තීරණය වෙනවා.සමහරවිට ටැබ් වල අදාල ස්වරයේ වටිනාකම උඩින් පෙන්වා දී තියෙන්නත් පුලුවන්.

අවසානයේදී ඔබ වටහා ගත යුතු දේ තමයි ටැබ් එකක උපරිම ප්‍රයෝජනය ගැනීමටනම් අදාල ගීතය ඔබ හොඳින් ශ්‍රවණය කර තිබිය යුතුයි යන්න.මීලඟ පාඩමේදී අපි ටැබ් එකක අඩංගු වෙන වෙනත් සංකේත පිලිබඳව විමසා බලමු.

ගිටාරයේ ස්වර පිහිටා ඇති අයුරු

හරි දැන් ඉතින් ඔයාල ස්වර ගැන දළ අවබෝධයක් ලබාගත්තනේ,අද අපි බලමු ගිටාරයේ ස්වර කොහොමද පිහිටල තියෙන්නේ කියල.පහත රූප සටහනේ පෙන්වල තියෙන්නේ ගිටාරයේ ස්වර පිහිටන අන්දම.අපිට ගිටාරය අවශ්‍ය විදියකට ටියුන් කරගන්න පුලුවන්.ඒත් ගොඩක් අය භාවිතා කරන ක්‍රමය තමයි පහත දක්වල තියෙන්නේ.

E6th එකේ තියෙන E ස්වරයත් E1st එකේ  තියෙන E ස්වරයත්   අතර පරතරය octave දෙකක්.ඒ කියන්නේ සංඛ්‍යාතය පැත්තෙන් ගත්තොත් E1st ස්වරය E6th එකවගේ හතර ගුණයක් වෙනවා.
ඔය open strings වල ස්වර පිහිටල තියෙන විදියයි.ඒ කියන්නේ අපි ෆ්‍රෙට් බෝර්ඩ් එක අල්ලන්නේ නැතිව open strings එක වාදනය කරනකොට වැයෙන ස්වර 6 තමයි දක්වල තියෙන්නේ.ෆ්‍රෙට් බෝර්ඩ් එක මත ඇඟිලි තියල තමයි ඉතිරි ස්වර වාදනය කරන්නේ.

උදාහරණයක් විදියට අපි E1st එකේ පලවෙනි ෆ්‍රෙට් එක ගමු.පලවෙනි ෆ්‍රෙට් එක ඇල්ලුවාම වැයෙන ස්වරය E නෙවෙයි.එතකොට ඇහෙන්නේ F ස්වරය,ඒ කියන්නේ E වලට ලඟින්ම තියෙන ඊලඟ ස්වරය.දෙවෙනි ෆ්‍රෙට් එකේදී අපිට ඇහෙනේ F# ස්වරය ඔය විදියට එකින් එක ස්වර වැඩි වෙනවා ෆ්‍රෙට් බෝර්ඩ් එකේ ඉහලට එනකොට.පහල රූප සටහනේ දක්වලා තියෙනවා මුලු fret board එකේම ස්වර පිහිටල තියෙන විදිය.

සමහර ස්වර අතිපිහිත වෙනවා.උදාහරණයක් විදියට B 2nd  එකේ 5 වෙනි ෆ්‍රෙට් එකෙන් වැයෙන E ස්වරයත් E 1st  එකෙන් වැයෙන E ස්වරයත  එකමයි.මේක තමයි ගිටාරයේ විශේෂත්වය.විවිධ ස්ථාන වල වාදනය කරනකොට ලඟින්ම ඇති වාදනය කිරීමට පහසු ස්වරය හොයා ගන්න fret board එක ගැන තිබෙන දැනුම ප්‍රයෝජනවත් වෙනවා.

ස්වර නාමකරණය

ස්වර කියන්නේ මොනවද කියල දල අවබෝධයක් ඔයාලට දැන් ලැබෙන්න ඇති.හැබයි අපි ඒක ඉගෙන ගත්තේ විද්‍යාත්මක පැත්තෙන්.අද අපි බලන්න යන්නේ සංගීත ශ්‍රාස්ත්‍රය පැත්තෙන් ස්වර කොහොමද වර්ගීකරණය කරන්නේ කියලා.

බටහිර සංගීතයේත්,හින්දුස්තානි සංගීතයේත් ස්වර ගණන සමානයි.නමුත් නාමකරණයේ වෙනස්කම් ගොඩක් තියෙනවා.ගිටාරය වැඩිපුර බැඳිලා තියෙන්නේ බටහිර සංගීතයත් එක්ක නිසා අපි බටහිර සංගීතය පැත්තෙන් ඉගෙන ගමු.

ඔයාලට මතක ඇතිනේ සංඛ්‍යාතය දෙගුණ වුනාම අපිට ඇහෙන්නේ එකම ස්වරයේ උච්ච,මන්ද්‍ර විදියට කියලා.ඒ අපේ කණට දැනෙන විදිය.ඉතින් ඔය උච්ච මන්ද්‍ර ස්වර දෙක අතර ඇති සංඛ්‍යාත බෙදල තමයි ස්වර හදාගෙන තියෙන්නේ.මෙහෙම ස්වර දොලහක් හදාගෙන තියෙනවා.සමහරු අහල ඇති සංගීතයේ ස්වර හතයි කියලා.ඒ කියන්නේ ශුද්ධ ස්වර ගැන.ඔක්කොම ස්වර 12ක් තියෙනවා.

ස්වර ගැන ඉගෙන ගන්න හොඳම ක්‍රමය තමයි කීබෝර්ඩ් එක.මේ පහල තියෙන පින්තූරය බලන්න.

කලු පාට ntoes වල යම් රටාවක් තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. මාරුවෙන් මාරුවට එක ලඟ notes දෙකක් සහ notes තුනක් තියෙනවා.ඒ වගේ එක ලඟ තියෙන කලු පාට notes දෙකට වම් පැත්තෙන්  ලඟින්ම තියෙන සුදු ස්වරය තමයි C කියන්නේ,එහෙම නැත්නම් "ස"කියල කියන්නේ.හරි දැන් ඔයාල බලන්න එවැනි ස්වර දෙකක් අතර ඔක්කොම ස්වර කීයක් තියෙනවද කියලා.
ස්වර 12 යි නේද?සුදු පාට ස්වර 7 යි  කලු පාට ස්වර 5 යි.පෙරදිග සංගීතයේදී සුදු පාට ස්වර වලට අපි කියන්නේ ශුද්ධ ස්වර කියලා කලු පාට ස්වර වලට අපි කියන්නේ විකෘති ස්වර කියලා.බටහිර සංගීතයේදී ශුද්ධ ස්වර වලට කියන්නේ natural notes කියලා ,විකෘති ස්වර වලට sharp හෝ flat යනුවෙන් අදාල පරිදි නම් යොදාගන්නවා.
හරි දැන් බලමු ශුද්ධ ස්වර මොනවද කියලා.

බටහිර සංගීතයට අනුව ශුද්ධ ස්වර 7 තමයි.
C,D,E,F,G,A,B
පෙරදිග සංගීතයේ ස,රි,ග,ම,ප,ධ,නි සමග මෙම ස්වර අනුරූප වෙනවා.

කලු පාට ස්වර නම් කරන්නේ ඊට ලඟින් ඇති ශුද්ධ ස්වර අනුවයි.
ශුද්ධ ස්වරයට වඩා ඉහල ස්වර sharp යනුවෙනුත් පහල ස්වර flat යනුවෙනුත් අපි නම් කරනවා.
උදාහරණයක් විදියට C ස්වරය ලඟ ඇති කලු note එක C sharp ලෙසත් D flat  ලෙසත් හඳුන්වන්න පුලුවන්.මේ දෙකෙන්ම කියන්නේ එකම ස්වරය.

Sharp වලට අපි යොදන සංකේතය #
Flat සඳහා යොදන සංකේතය
සමහරු ලේසියට සිම්පල් බී(b) අකුර මේ සඳහා යොදාගන්නවා,නමුත් නිවරැදි සංකේතය වන්නේ ♭

දැන් අපිට ස්වර දොලහ හදාගන්න පුලුවන්.පහල පින්තූරය බලන්න.

පැහැදිලියි නේද සංගීත්යේ ස්වර හැදිල තියෙන විදිය.ඊලඟ පාඩම් වලින් අපි ඉගෙන ගමු scales  හැදිල  තියෙන්නේ කොහොමද  chords හැදිල තියෙන්නේ කොහොමද කියලා.

පසුවදන: කීබොර්ඩ් එකෙන් ස්වර පැහැදිලි කරන කොට කලු සුදු කිව්වට ස්වර කලු සුදු නෑ.මොකද ස්වර ඇහැට පේන්නේ නෑනේ. 😛

ස්වර හැදෙන හැටි

තාරතාවය සහ සංඛ්‍යාතය කියන දේවල් අපි ඉගෙන ගත්ත නිසා ස්වර කියන්නේ මොනවද කියන එක හරියටම තේරුම් ගන්න දැන් අපිට පුලුවන්.අද අපි බලන්න යන්නේ සංගීතයේ ස්වර කියන ඒව කොහොමද හැදිල තියෙන්නේ කියලා.

සංඛ්‍යාතය කියන එක දෙගුණ වුනාම අපේ කණට අමුතු  සම්බන්ධතාවයක් දැනෙනවා.ඒ කියන්නේ අපි 200HZ සහ 400 HZ අහුවොත් ඒ දෙකේ කිසියම් සම්බන්ධයක් තියෙනවා කියලා තේරෙනවා.හැබැයි සංගීතය හදාරල නැති අය සහ වැඩිය අවධානයකින් සංගීතය අහන්නෙ නැති අයට මේක තේරෙන්නේ නෑ. මේ සම්බන්ධය නිරපේක්ෂ සංඛ්‍යාතය මත තීරණය වෙන්නේ නෑ.ඒක සාපේකෂයි,ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාතයක් හා එහි දෙගුණයක් වෙන සංඛ්‍යාතය අපිට ඇහුවම ඒ දෙකේ සම්බන්ධයක් අපිට තේරෙනවා.එකම ස්වරය උච්ච සහ මන්ද්‍ර විදියට ඇහෙනව කියන්නේ ඕකටයි.ඔය පහල තියෙන video එක අහල බලන්න ඔයාලටත් යම් සම්බන්ධයක් ඇති බව තේරෙනවද කියලා.

සංගීතය කියන එක බැඳිල තියෙන්නේ අපේ කණට ඇහෙන දෙය  මොළය  interpret කරන විදිය අනුව.දැන් ඔයාලට තේරුනා නේ සංඛ්‍යාතය කියන එකේ සාපේක්ෂ බව නිසා අපේ කණට අමුතු සම්බන්ධතා දැනෙනවා කියලා.දැන් අපි බලමු ස්වර කොහොමද හැදෙන්නේ කියලා.මං කිව්වනේ මිනිස් කණ සංවේදි 20Hz-20000Hz දක්වා.ඉතින් මේ 20Hz ඉඳන් අපිට 20000Hz දක්වා සංඛ්‍යාතය අනන්ත ප්‍රමාණයක් බෙදන්න පුලුවන්.ඒත් අපේ කණට වෙනසක් වටහා ගන්න නම් සංඛ්‍යාතයේ අවම පරතරයක් තියෙන්න ඕනේ.උදාහරණයක් විදියට අපිට 400Hz සංඛ්‍යාතයයි 401Hz සංඛ්‍යාතයයි එකම ස්වරයක් විදියට ඇහෙන්නේ,නමුත් මේ වෙනස ටිකක් වැඩි කලොත් ඒ කියන්නේ 440Hz විතර කලොත් ඒ දෙක වෙනස් කියලා අපේ කණට තේරෙනවා.එක එක සංඛ්‍යාත වලදී මෙම අවම අගය වෙනස් වෙන නිසා හරියටම මෙච්චරයි කියලා කියන්න බෑ.දැන් ඔයාලට තේරෙනවනේ සංඛ්‍යාතය පොඩ්ඩ පොඩ්ඩ වැඩි කලාම ඒව වෙනස් ශබ්ද ලෙස තේරෙනවා කියලා.එතකොට ඔයාලට හිතෙයි එහෙම වෙනස් කියල තේරෙන ඒවද ස්වර කියන්නේ කියලා.නෑ එහෙම නෙවෙයි.ඒ සංඛ්‍යාත වලිනුත් සමහර ඒවා අතර අමුතු සම්බන්ධතාවයක් අපේ කණට දැනෙනවා.හරියට මිනිස් ඇහැ රතු,නිල්,කහ වර්ණ අඳුන ගන්නව වගේ.අපි ඉස්සෙල්ල අර උච්ච මන්ද්‍ර ස්වර ඇහුවෙ.ඒ වගේ සංඛ්‍යාත වල එක එක භාග වලදී කණට යම් යම් සම්බන්ධතා ගොඩනැගෙනවා.අන්න ඒ සම්බන්ධතා පදනම් කරගෙන තමයි ස්වර ගොඩනැගිලා තියෙන්නේ.හැබැයි එක එක  සංගීතඥයන්ට පොඩ්ඩ පොඩ්ඩ මේ සංඛ්‍යාතය සාපේක්ෂ ලෙසත් නිරපේක්ෂ ලෙසත් වෙනස් කරන්න පුලුවන්.උදාහරණයක් විදියට A  ස්වරයට 440Hz,436Hz,444Hz වගේ අගයන් යොදාගන්න පුලුවන් එතකොට ඊට සාපේක්ෂව අනිත් ස්වර වල සංඛ්‍යාත වෙනස් වෙනවා.නමුත් සම්මතයක් තියෙන්න ඕනෙ නිසා දැනට A ස්වරය 440Hz ලෙස ගොඩක් සංගීතඥයන් යොදාගන්නවා.
ඒ වගේම ස්වර අතර පවතින ගණිත සම්බන්ධතාත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා සමහරු ස්වර ගොඩ නංවලා තියෙනවා.ස්වර හදාගන්න ගණිත ක්‍රම ටිකක් සංකීර්ණයි.එක එක සංගීත සම්ප්‍රදායන් අනුව,කාලෙන් කාලෙට මේ ක්‍රමය වෙනස් වෙනවා.ඒ අනුව එක එක ස්වර වලට හිමි සංඛ්‍යාත ඉතා සුලු වශයෙන් වෙනස් වෙනවා.මෙහෙම වෙනස් කරන්නේ අපේ කණට ඇහෙන්න ඕනේ මිහිරිම විදිය ගැන එක එක්කෙනා දරණ මතයන් නිසා.

සංගීතය ඉගෙන ගැනීමේදී අපිට වැදගත් වෙන්නේ ස්වර හදාගන්න ක්‍රමය නෙවෙයි එම ස්වර මොනවාද සහ ඒවා යොදාගන්නා නීති රීති මොනවද කියල ඉගෙන ගැනීමයි.ඒක නිසා ඊලඟ පාඩමෙන් අපි බටහිර සංගීතයේ සහ හින්දුස්තානි සංගීතයයේ මූලික ස්වර ගැන ඉගෙන ගමු.

පසු වදන: ටිකක් කල් යනව තමයි මෙහෙම විස්තර ඇතුව ඉගෙන ගන්න,නමුත් මෙහම ඉගෙන ගත්තම ඔයාල කවදාවත් අතරමං වෙන්නේ නෑ.ප්‍රශ්ණ තියෙනව නම් අහන්න,ප්‍රශ්ණ අහන්නේ නෑ කියන්නේ එක්කෝ ඔයාලට මං කියන දේවල් සක් සුදක් සේ තේරිලා වෙන්න ඕනේ.නැත්නම් එක අකුරක්වත් තේරිලා නැතුව වෙන්න ඕනේ 😀

සංගීතය විදු ඇසින් – දෙවන කොටස

පසුගිය පාඩමෙන් අපි ඉගෙන ගත්තනේ සංගීතය සහ ශබ්දය අතර ඇති සම්බන්ධය ගැන.අද අපි බලමු ශබ්දයක තියෙන විවිධ ගුණ පිලිබඳව. මූලිකවම ශබ්දයක ප්‍රධාන ගුණ 3ක් අපිට කතා කරන්න පුලුවන්.ඒ තමයි

    • හඬේ සැර නැත්නම් විපුලතාවය (Loudness)

 

    • තාරතාවය (Pitch)

 

  • ධ්වනි ගුණය (Tone)
හඬේ සැර නොහොත්  විපුලතාවය 

විපුලතාවය කියන්නේ  හරිම සරලව තේරුම් ගන්න පුලුවන්  දෙයක්.අපි දෙයක් හෙමින් ඇහෙනවා කියන්නේ නැත්නම්  සද්දේ වැඩියි කියල කියන්නේ ශබ්ද තරංගයක විස්තාරය වෙනස් වෙන නිසා.මේ නිසා අපේ කණට තේරෙන දෙය විපුලතාවය කියල හඳුන්වනවා.විස්තාරය හා විපුලතාවය කියන්නේ එකක් නෙවෙයි.විස්තාරය කියන්නේ තරංගයක භෞතික ගුණයක්,විපුලතාවය කියන්නේ අපේ මොළයට දැනෙන දෙය.විපුලතාවය තීරණය කරන ප්‍රධානම සාධකය තමයි විස්තාරය.මීට අමතරව තරංගයක සංඛ්‍යාතය අනුවත් අපිට ඇහෙන හඬේ සැර සුලු වශයෙන් වෙනස් වෙනවා.ඒ කියන්නේ එකම විස්තාරය ඇති 200Hz  තරංගයක් හා 1000Hz තරංගයක් අපිට ඇහෙන volume එක යන්තම් වෙනස්.

තාරතාවය
මං කිව්වනේ මිනිස් කණ සාමන්‍යයෙන් සංවේදී 20Hz-20,000Hz දක්වා කියලා.සංඛ්‍යාතය වැඩි වෙනකොට අපේ මොලයට දැනෙන දෙය තාරතාවය කියලා හඳුන්වනවා.

පහතින් තියෙන්නේ විනාඩියක් තුල 20Hz ඉඳන් 20000Hz දක්වා වැඩි කරන video එකක්.බලන්න ගැඹුරු පහත් හඬක ඉඳන් උස් හඬක් ඔබට ඇහෙනවද කියලා.
සමහර විට මුලු පරාසයම ඔයාලට ඇහුනෙ නැති වෙන්න පුලුවන්.බය වෙන්න එපා.එක එක අයගේ පරාසය පොඩ්ඩක් වෙනස්.කොහොම හරි සංඛ්‍යාතයත් එක්ක ඔයාලට තේරුන වෙනස, මොළයට දැනුන දෙය තමයි තාරතාවය කියන්නේ.සංඛ්‍යාතයයි තාරතාවයයි කියන්නේ එකක් නෙවෙයි.සංඛ්‍යාතය කියන්නේ තරංගයක භෞතික ගුණයක්.ඒ නිසා කණට දැනෙන දෙය තමයි තාරතාවය කියන්නේ.තාරතාවය තීරණය කරන්නේ සංඛ්‍යාතය විතරක්ම නෙවෙයි.විපුලතාවය ඒ කියන්නේ හඬේ සැර අනුවත් තාරතාවය සුලු වශයෙන් වෙනස් වෙනවා.මෙහෙම වෙන්නෙ ඉතා ඉහල සහ පහල සංඛ්‍යාත වලදී විතරයි.උදාහරණයක් විදියට එකම සංඛ්‍යාතය ඇති (200Hz) තරංග දෙකක් යන්තම් කණට ඇහෙන තරමට හා ඉතා හයියෙන් ඇහෙන්න සැලැස්වුවොත් ඒ දෙකේ semitone එකක් තරම් වෙනසක් අපේ මොළයට තේරෙන බව හොයාගෙන තියෙනවා.

ධ්වනි ගුණය

ගිටාරයකින් සහ පියානෝවකින් එකම ස්වරයක් එකම තීව්‍රතාවයකින් කම්පනය කලත් ඒ කියන්නේ එකම විපුලතාවයක් හා එකම තාරතාවයක් ඇති වෙන ලෙස වාදනය කලත් ඒ ශබ්ද දෙක අපිට වෙන් කරල හඳුනගන්න පුලුවන්.මෙන්න මේ කාරණයට තමයි අපි කියන්නේ ධ්වනි ගුණය කියලා.කොහොමද මොළය ඒ දෙක වෙන් කරගන්නේ?
සරසුලක් (Tuning Fork) කම්පනය කලාම ඇති වෙන තරංගය පහත ආකරයෙන් පෙන්නන්න පුලුවන්.
මෙහිදී ඇති වෙන්නෙ ශුද්ධ තරංගයක් ඒ කියන්නේ සිදුවන්නේ අදාල කම්පනය විතරයි.
නමුත් වාදන භාණ්ඩ වලින් ස්වරයක් වාදනය කලාම ඒ සංඛ්‍යාතයට අමතරව එහි ගුණාකර වන උපරිතාන හට ගැනෙනවා.එතකොට ඒ තරංගත් එක්ක මිශ්‍ර වෙලා අපිට ඇහෙන්නේ වෙනස් හැඩයක් තියෙන තරංගයක්.
එක එක වාදන භාණ්ඩ වලින් නිපදවෙන උපරිතාන ගණන සහ ඒවා වල විස්තාර වෙනස් වෙනවා.එතකොට අර අපි කිව්ව මිශ්‍රණය වෙනස් වෙනවා.ඒක නිසා එක එක වාදන භාණඩ වලින් ඇති වෙන්නේ එයට විශේෂිත වූ හඬක්.අපේ මොළය මේ විශේෂිත හඬවල් මතක තියාගෙන ඉන්නවා.එතකොට ඒ ලඟින් යන හඬක් ඇහුනාම මේ ඇහෙන්නේ පියනෝවක් එහෙමත් නැත්නම් ගිටාරයක් යනුවෙන් අඳුන ගැනීමක් කරනවා.
ඔයාලට මේ කරුණු ටික තේරුනේ නැත්නම් නැවත නැවත කියවන්න.මේ කරුණු හරියටම ඉගෙන ගත්තාම ගොඩක් ලේසියි. ඉස්සරහට ස්වර ඉගෙන ගන්න  තාරාතාවය කියන එක ගොඩක් වැදගත් වෙනවා.ඒ වගේම ear training සඳහා හොඳ පදනමක් දාගන්න පුලුවන්   තාරාතාවය තේරුම් ගත්තට පස්සේ. ප්‍රශ්ණ තියෙනව නම් අහන්න.කමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා.

බීරි අයට සංගීතය අහන්න බැරිද?

සංගීතය අත්විඳින්න පුලුවන් කණෙන් විතරද?
නැහැ.
Ludwig van Beethoven කියන ලෝක ප්‍රසිද්ධ සංගීතඥයා සමහර නිර්මාණ බිහි කලේ  එයාගේ කන් ඇහෙන්නෙ නැතුව ගියාට පස්සේ.අපේ මොළය සංගීතය ග්‍රහණය කරන්නේ කොහොමද කියලා විද්‍යාඥයින් තවම හරියට හොයාගෙන නෑ.මේ පිලිබඳව සෑහෙන පර්යේෂණ දැනට කෙරෙමින් පවතිනවා.ඒ ගැන හදාරණ
විෂයට කියන්නේ Music Cognition කියලා.

ශබ්දය කියන්නේ කම්පනය නිසා ඇති වෙන දෙයක් කියල මම කිව්වනේ. බිහිරි  අයට සංගීතය රසවිඳින්න පුලුවන් තමන්ගේ ඇඟෙන් දැනගන්න කම්පන වලින්. මෑත කාලයේ බිහි වුන මේ වගේ සංගීතඥයෙක් තමයි Evelyn Glennie කියන්නේ.ඇය අවුරුදු 12 දී බිහිරි බවට පත් වුනා.ඒත් ඇය ඉතාම දක්ෂ තාල වාද්‍ය ශිල්පිනියක්.(Percussionist) ඔයාලට විනාඩි 30 ක් වැය කරන්න පුලුවන් නම් පහත තියෙන video එක බලන්න.මෙහිදී ඇය විස්තර කරනවා සංගීතය කියන එක කොහොමද ඇඟෙන්ම  feel කරන්නේ කියලා.ඔය facebook එකේ, එහෙ මෙහෙ වල්පල් වලට කාලෙ නාස්ති කරන්නේ නැතුව මේ විනාඩි 30 මේ සඳහා වැය කරන්න.ඔයාලට සංගීතය ඉගෙන ගන්න තව තව ආස හිතේවි.