Forum - Sinhala Guitar Lessons with Tabs and Chords
A A A
Avatar

Please consider registering
guest

sp_LogInOut Log In sp_Registration Register

Register | Lost password?
Advanced Search

— Forum Scope —




— Match —





— Forum Options —





Minimum search word length is 3 characters - maximum search word length is 84 characters

sp_Feed Topic RSS sp_TopicIcon
ගිටාර් පන්තියේ ඇරඹුම
sp_BlogLink Read the original blog post
November 11, 2012
6:08 am
Avatar
Vinsara

Instructor
Forum Posts: 313
Member Since:
September 27, 2012
sp_UserOfflineSmall Offline

ඔන්න හා හා පුරා කියල අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.ගිටාර් ඉගෙන ගන්න අයට ශ්‍රී ලංකාවේ අමාරුම වැඩක් තමයි හරි ගුරුවරයෙක් හොයාගන්න එක.ඉතින් ඒ වගේ අයට උපකාරයක් විදියට මේ බ්ලොග් එක ලියන්න මම බලාපොරොත්තු වෙනවා.
මං ගැනත් මුලින් පොඩ්ඩක් කියල ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.මම දැනට වෛද්‍යවරයෙක්.

මම ගිටාර් ඉගෙන ගත්තේ 2004 විතර.පොඩි කාලෙ ඉඳලා සංගීතය හදාරලා තිබුනත් ගිටාර් එක ඉගෙන ගත්තේ ඒ කාලෙ ඉඳලා.මුලින් මම ඉගෙනෙ ගත්තේ තනියම.ඊට පස්සේ පන්ති දෙක තුනකට ගියා,පන්ති යන වැඩේ නම් මට හරියන්නෙම නෑ.

ගුරුවරයන්ගේ වැරද්ද නෙවෙයි,අනේ මන්ද මං ඉගෙන ගන්න ආස තනියම.ඉතින් මම දිගටම තනියම ඉගෙන ගත්තා.ඔය අතරේදි මට අසාවක් අවා ක්ලැසිකල් ගිටාර් වාදනය කරන්න.ඒ නිසාම ebay එකෙනුයි Amazon එකෙනුයි DVD,VCD,සහ පොත් ගොඩාක් ඕඩර් කරලා ගෙන්න ගෙන ඉගෙන ගත්ත.වාදනය ටිකක් හොඳට ප්‍රගුණ කලාට පස්සේ මට අහම්බෙන් වගේ වාසනාවක් ලැබුනා guitarmasterclass.net සයිට් එකේ online ගිටාර් ගුරුවරයෙක් වෙන්න.මේ සයිට් එක ස්වීඩන් ජාතික kristofer Dahl කියන මහත්මයාගේ.වීඩියෝ පාඩම් යවනවට ඔහු මට හොඳ ගානක් ගෙව්වා.පස්සේ ඉතින් වෛද්‍ය විද්‍යාලයේ වැඩ නිසා ඒක මග ඇරිල ගියා.

ඔහොම කාලයක් යනකොට මට හිතුනා අපෙ සිංහල සින්දු වල කෝඩ්ස් සඳහා සයිට් එකක් හදන්න.මොකද සිංහල සින්දු වලට කොච්චර සයිට් තිබුනත් ඒ වල ගුණාත්මක බවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා,එක්කො පට්ට විදියට කෝඩ්ස් වැරදියි,අනිත් එක තියෙන්නේ ඉංග්ලිෂ් ෆොන්ට් එකෙන්.ඒ අඩු පාඩු මග ඇරලා මම පටන් ගත්තා සිංහල ෆොන්ට් එකෙන් ඇහට කනට පේන්න ලස්සන විදියට කියව ගන්න පුලුවන් වෙන විදියට සින්දු වල කෝඩ්ස් දාන්න.ඒ සයිට් එක ඔයාල අතර සමහර අය දන්නවත් ඇති. (http://www.sinhalachord.com)

ගොඩාක් හොඳ ඉල්ලුමක් තිබුන නිසා මම සයිට් එක තව තව දියුනු කලා.ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිංහල සින්දු වලට ගිටාර් ටැබ් දාන්නත් මං පටන් ගත්තා.දැන් ඉතින් අහන්න එපා ගිටාර් ටැබ් කියන්නේ මොනවද කියලා.ඒ ගැන කියල දෙන එක නෙවෙයි මේ ලිපියේ අරමුණ.ඒ ගැන පසුව කියල දෙන්නම්.ඔය අතරේ මම සිංහල සින්දු වල වාදන ඛන්ඩ play කරන හැටි වීඩියෝ පාඩම් වලිනුත් දැම්ම.ප්‍රතිචාර ගොඩක් තියෙනවා ඒවට.පහතින් තියෙන්නේ ඒ වගේ විඩියෝ පාඩමක්.

ඉතින් ඊට පස්සේ සිංහල සින්දු වල මිඩි Tracks එහෙමත් මම දැම්ම. සයිට් එක තව දියුණු වුනා ප්‍රතිචාර ඉල්ලීම නිසාම.සයිට් එක නම් දැන් නැගලා යනවා.

දත් නැති දා උක් දඬු ගිනි තපින්නද කියලා කිව්ව වගේ කොච්චර කෝඩ්ස් තිබුනත් ගිටාර් ටැබ් තිබුනත් වැඩක් නෑනේ ඉතින් ඒව වාදනය කරන්න බැරිනම්.ඒක නිසා මම හිතුවා ආධුනිකයන්ට උපකාරයක් වෙන්න හැමෝටම තේරෙන විදියට ගිටාර් වාදනය කරන්න කියල දෙන්න මේ බ්ලොග් එක පටන් ගන්න.

ඕන් ඕක තමයි ඉතින් මගේ කතාව........
මේ කර්තව්‍යය සඳහා ඔයාලගේ අදහස් යෝජනා ගොඩාක් වටිනවා.ඒක නිසා කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් ඉතින් නමෝ විත්තියෙන් පටන් ගමු නේද අපේ ගිටාර් පංතිය....

November 11, 2012
5:08 pm
Avatar
Ranga Suriyage

Premium Member
New Members
Forum Posts: 6
Member Since:
November 4, 2012
sp_UserOfflineSmall Offline

ඔබ ගොඩාක් වටිනා දෙයක් කරලා තියෙන්නේ.
තමන් දන්නා දෙය නිවැරදි විදිහට අනිත් අයට කියල දෙන අය අද සමාජයේ අඩුයි.
ඔබගේ කාර්යය හොදින් කරගෙන යන්න මගෙන් සුබ පැතුම්...

The following users say thank you to Ranga Suriyage for this useful post:

nihal obeysekara
Forum Timezone: Asia/Colombo

Most Users Ever Online: 31

Currently Online:
4 Guest(s)

Currently Browsing this Page:
1 Guest(s)

See All Online Activity
Members Birthdays
sp_BirthdayIcon
Today None
Upcoming None

Top Posters:

Chandralal Alahakoon: 102

jensen breck: 80

Jana: 31

arun shantha: 30

Harsha Karunaratna: 23

Anushka Ariyaratne: 21

Tharanga Samaraweera: 20

Melan Pushpakumara: 17

Kaalagola: 10

Thisun Dharmapriya: 9

Member Stats:

Guest Posters: 0

Members: 4927

Moderators: 0

Admins: 2

Forum Stats:

Groups: 6

Forums: 16

Topics: 465

Posts: 825

Newest Members:

BenPar BenPar, KevinBrurb KevinBrurb, Davidvam Davidvam, ArmandoBot ArmandoBot, Lnwhola Lnwhola, Jackp0tcag Jackp0tcag, Bhrsianrhymn Bhrsianrhymn, deannehg69 deannehg69, OlyndCoipt OlyndCoipt, Connielon Connielon

Administrators: Vinsara: 313, Tharindu Pramuditha Gamage: 51